Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි

|Thu, 06 Aug 2020 |Miscellaneous| Page Views :

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට හැත්තෑ පස් වසරක් වේ. ඒ නිමිත්තෙන් එම පළමු බෝම්බ ප්‍රහාරය එල්ලවූ ජපානයේ හිරෝෂිමා නගරවාසීන් මෙවර සිදුකරන අනුස්මරණ උත්සව සීමා කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙනි.

හිරෝෂිමාවේ අද පැවැත්වෙන අනුස්මරණ උත්සවයට පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයන්, ඔවුන්ගේ ඥාතීන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සුළු පිරිසක් එක්වන අතර, ඔවුන් ලෝක සාමයේ වැදගත්කම අවධාරණය කරනු ඇත. ජපාන වේලාවෙන් අද උදෑසන 8.15 ට හිරෝෂිමාවේ නිහඬ ආගමික වතාවත් සිදු කෙරුණේ 1945 වසරේ අගෝස්තු හයවනදා පළමු පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ලවූ වේලාව සංකේතවත් කරමින්ය.

පරමාණු බෝම්බයෙන් හිරෝෂිමාවේ එක්ලක්ෂ 40,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් දින තුනකට පසු නාගසාකි නුවරට එල්ල කළ දෙවන පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 74,000 කට වැඩි පිරිසක් මියගියාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න