Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කප්පම් ගත් ජාවාරම්කරුවන් කොටුවෙයි

|Tue, 08 September 2020|Security| Page Views :

කුලී පදනම මත රථ වාහන ලබාගෙන මහා පරිමාණයෙන් මුදල් වංචා කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ අනාවරණයත් සමඟ ඊට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කුලී පදනම මත රැගෙන ගිය වාහනයක් යළි හිමිකරුට ලබාදීම සඳහා ඔහුගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් බියගම -දෙල්ගොඩ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබුණි. රථ වාහන කුලී පදනම මත ලබා ගන්නා බව පවසා මෙම පිරිස සංවිධානාත්මක ලෙස මුහුණු පොත හරහා දැන්වීම් පළ කර තිබුණාය.

මීට අමතරව ඔවුන් කල් බදු ගෙවා ගැනීමට නොහැකි රථ වාහන ද නියමිත පරිදි කල් බදු ගෙවන බවට පොරොන්දු ලබාදෙමිනුයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස වාහන ලබාගෙන තිබුණේය. ඒ අනුව කැකිරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහු සතු මෝටර් රථයක් කුලී පදනම මත පසුගිය ජුනි මාසයේදී මෙම පිරිසට ලබාදී තිබූ අතර, එය යළි ලබාදීම සඳහා එම සංවිධානාත්මක පිරිස ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා තිබුණාය.

ඒ පිළිබදව එම මෝටර් රථය අයිති පුද්ගලයා පොලීසිය දැනුවත් කොට කප්පම් මුදල් ලබාදීම සඳහා දෙල්ගොඩ - ඉන්ධන පිරවුම්හල අසළට පැමිණෙන ලෙස පසුගිය සෙනසුරාදා දැනුම් දී තිබේ. ඒ අනුව කප්පම් මුදල් ඉල්ලූ පුද්ගලයන් එම ස්ථානයට පැමිණ මෝටර් රථයේ හිමිකරුගෙන් කප්පම් මුදල් ලබාගැනීම සඳහා කටයුතු කළ අවස්ථාවේදී පොලීසිය ක්‍රියාත්මක වීමත් සමඟ මෙම පිරිස පැමිණි මෝටර් රථයෙන් පළා ගොස් තිබුණි.

එය සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබූ අතර, එය පසුගිය සෙනසුරාදා රාත්‍රී 6.55 හිරු ටී.වී. ප්‍රවෘත්ති ඔස්සේ ද විකාශය කරනු ලැබුවාය.කෙසේ වෙතත්, මීගහවත්ත පොලීසිය ඒ පිළිබදව සිදුකළ විමර්ශනවලදීයි ඊට අදාළ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ. එමෙන්ම, ඔවුන් සතුව තිබී මෝටර් රථ 3ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ රාමේෂ්වරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ තමිල්නාඩුවේදී ධනුෂ්කොඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සපුගස්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මොහුට චෝදනා එල්ල වී ඇති අතර, සිද්ධියට අදාළව ඔහුගේ සොහොයුරෙකු ද අත්අඩංගුවට ගෙන සිටි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න