Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් රථ දෙකක් ගැටීමෙන් දස දෙනෙකු රෝහල් ගත කරයි

|Tue, 15 September 2020|Miscellaneous| Page Views :

ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අද (15) උදැසන 7.45 ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදීයි. එම අවස්ථාවේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහන කල බස් රථය තුළ 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ලංගම බස් රථයේ මගින් 30 කට ආසන්න පිරිසක් සිටි බවයි නොර්වුඩ් පොලීසිය ප්‍රකාශ කළේය.

දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් අට දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

ඇගළුම් කර්මාන්ත සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, එම බස් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොර්වුඩ් පොලිසිය විසින් ක්‍රියාත්මකයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න