Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

|Thu, 24 September 2020.|Security| Page Views :

අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රකාශ කර තිබේ. මෙම පැමිණිල්ල අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළහ.

එම නීතිඥවරු සඳහන් කර සිටියේ තම සේවාදායකයා මේ වන විට දින විසිඑකක් පමණ රිමාන්ඩ් භාරයේ පසුවන බවත් පරීක්ෂණවලට උපරිම සහාය ලබාදී ඇති බවත් ය. මෙම සැකකරුට එල්ලව තිබෙන චෝදනාව ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ඇප දිය හැකි වරදක් බවද එම නීතිඥවරුන් අධිකරණය හමුවේ සිය ඇප ඉල්ලීම් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න