Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී ජෝ බයිඩ්න්ට කොරෝනා නැහැ

|Sat, 03 October 2020|Miscellaneous| Page Views :

කොරෝනා වෛරස් ආසාදනය වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පසුගියදා සමීප විවාදයකට එළඹි ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩ්න්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. ඔහු නව පරීක්ෂණයකට යොමුවූයේ ඇමරිකානු ජනාධිපතිවරයා කොවිඩ් 19 ආසාදනයට ලක්වීමෙන් අනතුරුවයි.

විල්මින්ටන් හිදී පාක්ෂිකයන් අමතමින් ජෝ බයින් කියා සිටියේ තමාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට දෙවරක් තහවුරු වූ බවයි. එමෙන්ම ජනපති ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ආර්යාවට තමා සහ බිරිඳ ජිල් බයිඩ්න් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ඔහු පැවසුවාය.

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන මස 3 වනදාට යෙදී ඇති අතර, ලබන 15 වනදා ජනපති ට්‍රම්ප් සමඟ දෙවන රූපවාහිනී විවාදය යෙදී තිබේ. කෙසේ නමුත් දැන් පවතින තත්ත්වය යටතේ එය ක්‍රියාත්මක වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න