Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිල්ලිය, මුම්බායි ඉදිරියේ දණනමයි

|Mon, 12 October 2020 |Miscellaneous| Page Views :

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව (11) පැවති තරඟ දෙකකින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත් වි ඇත. සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමඟ පැවති තරඟය රාජස්ථාන් කණ්ඩායම ජය ගත්තේ කඩුළු 05කින් බව සදහන් කර ඇත.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04කට ලකුණු 158ක් රැස් කළ අතර ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම තරඟය ජය ගනු ලැබුවේ පන්දුවාර 19යි පන්දු 05ක් තුල කඩුළු 05ක් පමණක් දැවී තිබියදී බව වාරථා වි ඇත.

මේ අතර මෙවර තරඟාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛ ස්ථාන දෙකේ පසුවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ එකිනෙකා මුණගැසි ඇත. මෙම තරඟය මුම්බායි කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුළු 05කින් බව සදහන් වි ඇත.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 162ක් රැස් කර ඇත. මුම්බායි කණ්ඩායම එම සීමාව පසුකර ගියේ පන්දුවාර 19යි පන්දු 04ක් තුල කඩුළු 05ක් පමණක් දැවී තිබිය දි බව සදහන් කර ඇත.

එහිදී මුම්බායි ආරම්භක පිතිකරු කුවින්ටන් ඩී කොක් සහ සූරියකුමාර් යාදෙව් අර්ධ ශතක රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත සකසා දි ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි පිල සමත් වූ අතර දිල්ලි පිල එහි දෙවන තැන පසුව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න