Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විස්ස ගැන සමගි ජනබලවේගයෙන් නිවේදනයක්

|Sat, 17 October 2020|Miscellaneous| Page Views :

සමගි ජනබලවේගය විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ එළැඹෙන 21 සහ 22 යන දිනයන්හි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාද කිරීමට ආණ්ඩුව පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති අතර, ඒ හේතුවෙන් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති බවයි.

එම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව කතානායකවරයා විසින් 20 වන දින ප්‍රකාශයට පත්කරන බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් නොමැති බවටයි ඔවුන් පෙන්වා දි ඇත. මේ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කර ඇති අතර, එහිදී ඔවුන් අවම දින 04 ක්වත් ලබාදිය යුතු බවට ඉල්ලා සිටි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සමස්තයම ඉදිරියට ගෙන නොයා යුතු අතර, ඒ වෙනුවට මේ මොහොතේ ජාතික අවධානය යොමුවිය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙතට බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ නව ව්‍යවස්ථා කෙටුම්පතකින් සෑම විටම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා විය යුතු බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න