Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොදෙව් ටෙස්ට් උප නායකයා වෙනස්වේ

|Fri, 13 November 2020|Miscellaneous| Page Views :

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබෙි. ඒ, එළඹෙන නවසීලන්ත තරගාවලිය වෙනුවෙන්. මීට පෙර ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් එරට ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් බව සදහන් කර ඇත.

කිරන් පොලාඩ් නායකත්වය දරන කොදෙව් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස නිකලස් පූරාන් කටයුතු කරනු ඇත. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් පැවැත්වෙනු ඇත.

පළමු විස්සයි විස්ස තරගය ලබන 27 වනදා ඔක්ලන්ඩ්හිදී පැවැත්වෙන අතර, මේ වන විට කොදෙව් ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණ නිරෝධායන කාල සීමාවක් ගත කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත.එම කාලය අවසන් වනතුරු ඔවුන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම පසුගියදා තහනම් කර ඇත.

ඒ, ක්‍රීඩකයින් පිරිසක් කොවිඞ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් බවට සදහන් කර ඇත.මේ පිළිබදව මේ වන විට කොදෙව් ක්‍රිකට් ආයතනය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න