Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොරෝනා පොකුර 15,000 ඉක්මවයි

|Fri, 20 November 2020|Miscellaneous| Page Views :

(19) දිනයේත් මෙරටින් කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තා වුණා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 ක පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. එමෙන්ම, කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ අක්මා රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද (19) මියගොස් ඇත.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති අතර, ඉන් එක් අයෙකු 86 හැවිරිදි කළුතර - හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇති වූ පපුවේ ආසාදනයක් හේතුවෙන් මියගිය බව සඳහන් කර ඇත.

අනෙක් කාන්තාව හොරණ - පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි අතර 59 හැවිරිදි ඇය නිවසේදී මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ පපුවේ ආසාදනය සහ අධික රුධිර පීඩනය හේතුවෙන් බව සදහන් කර ඇත. එසේම, නව අසාදිතයින් 437 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18,841 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15,330 ක් බවට සදහන් කර ඇත. (19) ආසාදිතයින් 316 ක් සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 12,903 ක් ලෙස සටහන් වනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,865 ක් බව සදහන් කර ඇත.

මේ අතර, මේ වනවිට දෛනිකව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ගිලන් රථ සේවාවක් හා විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ පස්වරු 4 න් අවසන් ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 93 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4,731 ක්. මෙම පිරිස හඳුනා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 68,040 ක් සිදු කර ඇති බවයි එහි දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා ප්‍රකාශ කර ඇත.

මේ අතර, සේවකයින් පිරිසකට කොවිඞ් 19 ආසාදනය වීමත් සමඟ අඩාල වූ කොළඹ වරායේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර අවසන් බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා. කොළඹ වරායේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊයේ කොළඹ වරායේ සංචාරයක නිරත වි ඇත.

මේ අතර, හෝමාගම මූලික රෝහල ඊයේ සිට කොවිඞ් 19 රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරන රෝහලක් බවට යළි පරිවර්තනය කරනු ලැබුවා. ඒ අනුව එහි රෝගීන් 200 කට පමණ ප්‍රතිකාර කළ හැකි වනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න