Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට...

|Fri, 20 November 2020|Miscellaneous| Page Views :

කොවිඩ් වැලඳීමෙන් මියගිය විගමණික ශ්‍රමිකයින් 24 දෙනකුගේ යැපෙන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් මිලියන 12ක් වන්දි ඉල්ලා ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා (19 වැනිදා) පාර්ලිමේන්තුවේ දී සදහන් කර ඇත.

ඉන් රුපියල් ලක්ෂ 30ක් වටිනා චෙක්පත් හයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් මේ වන විටත් කාර්යාංශයට එවා ඇතැයිද ඇමැතිවරයා කීවේය. කාර්යාංශයේ ලියාපදිංචි විදෙස්ගත වූ ශ්‍රමිකයන්ට කොවිඩ් වැලඳීම නිසා මෙරටට පැමිණීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් වන්දි ගෙවීමට අදාළ පූර්ණ සහාය ලබා දෙන බවද ඇමැතිවරයා මෙි බව සදහන් කර ඇත.

මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සහ ගුවන් ප්‍රවේශපත්‍ර ඉල්ලීම් 102ක් අතුරින් රක්ෂණ සංස්ථාව මගින් මුදල් අනුමත කර කාර්යාංශයට චෙක්පත් 49ක් එවා ඇත. ඒවායේ වටිනාකම රුපියල් විසිතුන් ලක්ෂ අසූ අටදහසකි. මියගොස් ඇති ශ්‍රමිකයින් 68 දෙනාගෙන් 23 දෙනකු වෙනුවෙන් ආගමික කටයුතු කිරීම සඳහා රුපියල් හතලිස් දහස බැගින් රුපියල් නව ලක්ෂ විසිදහසක ආධාර මුදලක් ලබා දී ඇත.

කොවිඩ් නිසා යළි මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයෝ 2163ක් යළි විදේශගත වීමට කැමැත්තෙන් සිටිති. පුද්ගලයෝ 1617ක් මෙරට රැකියා කිරීමට බලාපොරොත්තු වෙති. එමෙන්ම තවත් 654 දෙනකු ස්වයං රුකියා කිරීමටද, 64 දෙනකු වැඩි දුර පුහුණුව ලැබීමට ද සූදානමින් ඇත, යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් කරුණු දක්වා සිට ඇත. බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සදහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න