Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

ලබන සඳුඳා වනවිට දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනු ඇත. එය ඉදිරි දින දෙක තුළ පීඩන අවපාතයක් දක්වා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී බස්නාහිර දෙසට බරව ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ දෙසට ගමන් කළ හැකියි.

මේ නිසා හෙට සිට දිවයිනේ උතුරු නැගෙනහිර සහ ගිනිකොන වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයන්හි ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම්දීමක් කර ඇත. එමෙන්ම, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න