කසුන් රාජිතටත් ටෙස්ට් තරඟාවලිය අහිමිවී යයි
|Mon, 28 December 2020|Miscellaneous| Page Views :
|
|
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර සෙන්චූරියන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 03 වන දිනය අදයි. ඊයේ දෙවන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන දකුණු අප්රිකානු පිල කඩුළු 04 ක් දැවී ලකුණු 317 ක් රැස්කරගෙන සිටියා.
මේ අතර අද දිනයේ ලැබෙන නව පන්දුවෙන් නිවැරදි ස්ථානවලට පන්දු යවමින් දකුණු අප්රිකානු කඩුලු දවාගැනීමට සැලසුම් කරන බව තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක ප්රකාශ කළා. මේ අතර ඊයේ දිනයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිතට මෙම තරඟාවලිය අහිමි වී යන බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.
වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා ආබාධවලට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් ශානක පවසා සිටියේ ඔහුගේ දායකත්වය කණ්ඩායමට නොලැබී යාම විශාල පාඩුවක් බවයි.
|
|