Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ වැඩිවීමක් !

|Sun, 24 January 2021|Miscellaneous| Page Views :

දැනට කොරෝනා ආසාදනය වී මියගොස් ඇති පුද්ගලයන්ගෙන් 178 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 100 දෙනෙකුද මියගොස් තිබෙනවා. වයස් කාණ්ඩ අනුව වැඩි පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ත් 75 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශ්‍ය සඳහන් කළේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. ඊයේ දිනය වනවිට මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් 2,137ක් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 1,080 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,150 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. දැනට බස්නාහිර පළාතෙන් පමණක් මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37,317ක්.

මේ අතර තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ රනාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මියගොස් ඇති බවයි.

කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු ආසාදනය ඔවුන්ගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා. මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 724 දෙනෙකු මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 57,587 දක්වා ඉහළ ගියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න