Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා

|Sun , 04 July 2021|Security| Page Views :

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය කරන බවුසර්යක් උපයෝගී කරගනිමින් ගංජා ප්‍රවාහනයය කළ බවුසර් රථයක රියැදුරු සහ සහායකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුණාය.

ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ සවස මෙම බවුසර් රථය සහ එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණි.

බවුසර් රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් දෙසිය පනහක් පොලිස් භාරයට ගත් බවයි මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

බවුසර් රථයේ රියදුරු සහ සහායකයින් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීම්ට නියමිතයි.

ගම්පහ ජා ඇල ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රවාහන සමාගමකටකට අයත් මෙම බවුසර් රථය උපයෝගී කරගෙන මෙම ගංජා ප්‍රවාහනය කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවයි මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න