Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර සාකච්ඡාවක්

|Sun , 04 July 2021|Political| Page Views :

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.යාපනයේ අද පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සන්ධානයේ පක්ෂ 3 ම නියෝජිතයින් සහභාගි වෙන බවයි එහි සිටින වාර්තාකරු සඳහන් කළේය.

නැවත පදිංචි කිරිම ඇතුළු දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම, උතුරේ දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරිම පිළිබඳව මෙහිදි සාකච්ඡා විමට නියමිතයි.

සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, ඇතුළු සන්ධානයේ පක්ෂ වල නියෝජිතයින් සහභාගි වෙනු ඇත.

මෙම සාකච්ඡාවේදි ගනු ලබන තිරණ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදි උතුරේ දේශපාලන පක්ෂ සමඟ ද සකච්ඡාවක් පැවැත්විමට නියමිතයි.

ඊට සමස්ත ලංකා මහජන කොංග්‍රසය ,දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරම් ඇතුළු උතුරේ පක්ෂ වල නියෝජිතයින් සහභාගි වනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න