Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලීසිය කවදාවත් තමන්ට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නෑ

|Tue, 13 July 2021|Miscellaneous| Page Views :

කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා නීතීවිරෝධී උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනය ට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මේ හේතුවෙන් අදාළ ක්‍රියාවලියේ දී පොලිස් නිලධාරින්ගේ වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“පොලීසිය කවදාවත් තමන්ට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නෑ. පොලීසිය වැඩ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග පිට. නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නියෝග නිකුත් කරන්න පුළුවනි. ඔහු නියෝගයක් නිකුත් කරලා තිබුණා පොලිස්පතිතුමා ට සියලූම උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි ඒක රෝග ව්‍යාප්තිය ට බලපාන නිසා. අපි එදා උද්ඝෝෂණයට සහභාගී වෙන අයට උදේ ඉදලා ම කිව්වා. අපි බැනර් දැම්මා. අපි ස්පීකර්වලින් කිව්වා. එන්න එපා කිව්වා. මෙහෙම නියෝගයක් තියෙනවා කියලා කිව්වා. ඒ සියලු දේම අහන්නේ නැතුව තමයි ඔවුන් ඒ උද්ඝෝෂණයට සහභාගී වුණේ නිරෝධායන නීති කඩමින්. යනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න