Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කබ්රාල් අද ඉල්ලා අස්වෙයි

|Mon 13 September 2021|Miscellaneous| Page Views :

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (13) දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබුණි.

ඒ අනුව ඔහු ලබන 16වන දින මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ද නියමිතව ඇත.මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සහ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා පත් කරන නව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් පළ කරමින් සඳහන් කළේය,

"මුදල් ඇමතිවරයාට නිසිපරිදි ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා මහ බැංකුවෙන් සහයෝගය අවශ්‍යයි. ඉතින් ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තිබුණා. එකී ඉල්ලීම අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළෙත් විශාල කැපකිරීමක්. ජයන්ත කැටගොඩ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සියලු සුදුසුකම් තියෙනවා. මොකද එතුමා කළෙත් විශාල කැපකිරීමකි."

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, "යෝෂිත රාජපක්ෂ මහතාත් පාර්ලිමේන්තු එනවා කියලා පොඩි රාවයක් යනවා නේද ? " යනුවෙනි.

"බලමු. තව දවස් කිහිපයයි නේ. එක එක බොරු කතා කියනවා. ඒක විපක්ෂයටත් පොඩි වින්දනයක් ගන්න ඉඩදීලා අපි නිසි දේ නිසි ආකාරයෙන් සිදුකරනවා," යැයි ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න