WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ළමා අපචාර ගැන ඇමැති ඩලස් කළ අනාවරණය...

Thu, 16 December 2021- Page Views : 0 results

මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (15 වැනිදා) අනාවරණය කළේය. ඒ අනුව සෑම පැයකදීම ළමා අපචාරයක් සිදුවන බව සඳහන් කළ ඇමැතිවරයා, මෙම වසරේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දසදහස් හත්සිය දහතුනක් (10,713) ලැබී ඇතැයිද සඳහන් කළේය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එලෙස ලැබී තිබූ පැමිණිලිවලින් වයස අවුරුදු 05ට අඩු ළමා අපචාර සිද්ධීන් 1632 ක්ද, අවුරුදු 6 ත්, 10 ත් අතර පැමිණිලි 2626 ක්ද වූ බව සඳහන් කළ ඇමැතිවරයා ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද පැවැසීය.

දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15 වැනිදා) පැවැති වැඩමුළුවක් අමතමින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම එලෙස පැවැසීය.

ජනමාධ්‍ය සහ දරුවන් අතර ඇතිවිය යුතු සබඳතාව ගුරු – ශිෂ්‍යය බැඳීම හා සමාන විය යුතු වුවද, වර්තමානය වන විට එය බිල්ලා සහ ළමයා අතර පවතින සම්බන්ධය වැනි තත්ත්වයකට පත්ව ඇතැයිද ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ සහ විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.