වැව් 09 ක් ආශ්‍රිත පාරිසරික අලංකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අවසන් අදියරට
Mon, 20 December 2021- Page Views : 0 results කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති තෝරා ගත් වැව් 09 ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වාරි සංවර්ධන හා පාරිසරික අලංකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් අදියරට පැමිණ තිබේ.
මූලික අදියර යටතේ කුරුණෑගල, මාතලේ, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් ආශ්‍රිතව තෝරා ගත් වැව් 09 ක් මෙලෙස සංවර්ධනය කෙරෙන බවයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කළේය.
මෙම වාරි සංවර්ධන ව්‍යාපෘතිය හරහා කෘෂිකර්මාන්තයේ නිරත පිරිස් මුහුණ පා සිටින ගැටළු රැසකට විසඳුම් ලැබෙන බවයි එම ප්‍රදේශවල ජනතාව පැවසුවේය.