යාපන සරසවියේ සිසු ගැටුමක්…
Thu, 13 January 2022- Page Views : 0 results යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍ය අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට පහරදීම හේතුවෙන් පහරකෑමට ලක්වූ සිසුවා තුවල ලබා රෝහලගත කොට ඇති බවට කෝපායි පොලීසිය සදහන් කර ඇත. අදාල පහරදීම සිදුකරන ලද සරසවි සිසුවා සිදුකරන ලද පරික්ෂණයකින් අනතුරුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පැවසීය.
විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ සිව්වන වසරේ සිසුවෙකු විසින් තෙවැනි වසරේ සිසුන් දෙදෙනෙකු අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක්තුලදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීගැනීම සිදුව ඇති බවට අනාවරනය වී ඇත.
එහිදී සිව්වන වසරේ සිසුවාගේ පහරදීමෙන් තෙවැනි වසරේ සිසුවෙකු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර අදාල පහරදීම පිළිබඳව කෝපායි පොලීසියට සිසුන් විසින් දැනුම් දීමෙන් අනතුරුව සිසු නේවාසිකාගාරයට පැමිණි පොලීසිය විසින් පහරදීම සිදුකරන ලද සිසුවා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතරම අදාල සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.