WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

22, ගැසට් කිරීමෙන් පසු සති පහකින් පාර්ලිමේන්තුවේදී විවාදයට

|Wed, June 29, 2022- Page Views : 0 results

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කල හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනු ඇත.

එම කෙටුම්පතට අදාල ගැසට් පත්‍රය පල කර දින 07ක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කල හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණාය. ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේය.