WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඡන්ද නිවාඩුවට එයාලා ඒ ගමන යන්න ඇත්තේ ගොඩක් සතුටින්... ඒත් නොහිතපු ලෙස අවසන් ගමන් යවන්න තරම් දෛවය කුරිරු වුණා...

2024 November 13- Page Views : 9

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීමට දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ගම් ප්‍රදේශය බලා ත්‍රීරෝද රථයක යමින් සිටි පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා.

මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය ලොරියක ගැටී අද දහවල් අනතුර සිදු ව තිබුණා.

මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි මොරගහේන පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ මිද්දෙණිය කුඩු ගල්ආර , බැද්දේ වත්ත පදිංචිව සිටි ජි ඒ චම්පිකා උදයාංගනී 34 දෙදරු මවකි.

ඇයගේ සැමියා හා අවුරුදු 7 ක පුතු සහ වයස අවුරුදු 4 දියණිය බරපතල තුවාල ලබා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.

අනතුරට පත් එකම පවුලේ පිරිස පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය දැමීම සඳහා ගම්ප්‍රදේශය බලා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එකම පවුලේ පිරිස රැගත් ත්‍රීරෝද රථය කැස්බෑව දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබියදී හොරණ දෙස සිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක් ගෝනපොල ජයකොඩි මාවතට හැරවීම සඳහා මාර්ගය හරහා ගොස් එම මාර්ගයට යොමු කිරීමත් සමගම ත්‍රීරෝදය එහි පිටුපස තට්ටුවේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.

ත්‍රී රෝද රථය ලොරියේ ගැටීමත් සමගම මීටර් 30ක් පමණ ඉදිරියට පෙරළී ගොස් මාර්ගයේ නැවතී තිබූ බවත් බරපතල තුවාල ලද මව පියා සහ දරු දෙදෙනාගේ සිරුරු මාර්ගයේ තැනින් තැන වැටී තිබූ බවත් සිද්ධිය ඇසින් දුටුවන පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූවන් ප්‍රදේශ වාසීන් විසින් කඩිනමින් කහතුඩුව වෑතර රෝහල වෙත රැගෙන ගියත් එහිදී කාන්තාව මියගොස් තිබූ අතර සෙසු අයට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

රියදුරන් දෙදෙනාගේම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.