සැගවූ ඩීසල් බවුසර බාගයක් හමුවේ
|Wed, June 29, 2022- Page Views : 0 results නීතිවිරෝධී අයුරින් ඩීසල් ලීටර් 3000 ක් වව්නියාව නෙළුම්කුලම් පොලිස් වසමේ පට්ටානිචූර් ප්රදේශයේ වෙළඳසැලක්තුල සඟවා තිබියදී වෙළඳසැල් හිමියා සමග අත්අඩංගුවට ගත්බව වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය පවසයි.
පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ප්රදේශයට ගොස් වැටලීමක් කොට සිදුකරන ලද සෝදිසිකිරීමකදී හාඩ්වෙයාර් වෙළඳසැලක්තුල අදාල ඉන්ධන තොගය ගබඩාකොට තිබියදී සොයාගනු ලැබීය.
එහිදී ඩීසල් ලීටර් 200 බැගින් ගබඩාකොට තිබූ බැරල් 15 ක් තිබී සොයාගෙන ඇති අතර අදාල ඩීසල් තොග අධික මිග ගණන් යටතේ අදාල වෙළඳසැලේ හිමිකරු විසින් විකිණීමට සැලසුම් කොට තිබූ බවටද පොලීසිය විසින් අනාවරනය කරගනු ලැබීය.
පසුව වෙළඳසැලේ හිමිකරුද පොලීසිය විසින් ඉන්ධන තොගය සමගින් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර සැකකරු වව්නියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය වැඩිදුරටත් පැවසීය.