පටි තද කරගත්තා සේම ඉවසන්න - විශ්ලේෂකයින් ජනතාවගෙන් ඉල්ලයි
Thu, June 30, 2022- Page Views : 0 results පවතින අර්බුද හමුවේ ජනතාව ප්‍රචණ්ඩකාරී සහ කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීමෙන් ආර්ථිකය තවදුරටත් කඩාවැටීමට ලක්වෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනු ඇත.
එය අවබෝධ කර ගනිමින් කැපකිරීම් සිදුකරමින් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේය.
ආනයන කළ භාණ්ඩවලට කරන වියදම් ද අඩුකළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණි.
මේ අතර ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 1 යි දශම 6 ක පසුබැසීමකට ලක්වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවාය. උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවම වීම වැනි සාධකවල ඊට බලපෑ ප්‍රධාන හේතුවේ.