WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 500කට වඩි පිරිසක් අල්ලයි

Thu, June 30, 2022- Page Views : 0 results

නීතිවිරෝධී අයුරින් ශ්‍රීලංකා මුහුදු සීමාවේ සිට විදෙස් රටවලට සංක්‍රමණය වීමට ගත් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මේ වසරේ (2022) ගතවූ මාස 06 ක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන නීතිමය පියවර ගත් බවට නාවික හමුදාව පවසයි.

මෙරට තුල පවතින වත්මන් ආර්ථික ගැටලු හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් යාම වැඩි ප්‍රවණතාවයක් ගෙවී ගිය මාස කිහිපය තුළ වාර්ථා වන බවටද නාවික හමුදාව සඳහන් කරයි.

මේ අතර මෙතෙක් නාවික හමුදා භාරයට පත් වූ සංක්‍රමණිකයින්ගෙන් බහුතර පිරිස් උතුරු පලාතේ යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ පදිංචි කරුවන් බවටද හඳුනාගෙන ඇත.

මේ අතර පසුගිය 27 වනදාද ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් යාමට උත්සහ දැරූ පුද්ගලයින් මීගමුව මුහුදු තීරයෙන් 47 දෙනෙකු සහ මඩකලපුව මුහුදු තීරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 101 දෙනෙකු නාවික හමුදා භාරයට පත්වූහ.

මේ අතර විදෙස් රටවලට පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් රැගෙන යාම ජාවාරමක් වී ඇති බවටත් ඇතැම් ජාවාරම් කරුවන් සාමාන්‍ය ජනතාව රවටා අධික මුදලක් අයකරගෙන එම වැසියන් අතරමං කිරීමේ ජාවාරමකද නියලී සිටින බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇති හෙයින් ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිට නොරැවෙටෙන ලෙසටද නාවික හමුදාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.