අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වන ලකුණු
Thu, June 30, 2022- Page Views : 0 results පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා නොකළහොත් අද (30) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
“නියාමක මහතුන්ගේ පැමිණීමට ලොකු බාධාවක් වුණා රටේ පවතින උග්‍ර තෙල් හිඟය. ඒ නිසා අපේ නියාමක මහතුන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වුණාය. අපි දෙපාර්තමේන්තුවට විශේෂයෙන්ම කියා සිටින්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා විදියට සලකන දුම්රිය ගමන්වාර සඳහා පැමිණෙන දුම්රිය නියාමක මහත්තුන්, දුම්රිය රියදුරන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලක මණ්ඩලය සඳහා යම් කිසි තෙල් සංචිත ප්‍රමාණයක් නිකුත් කරන්න කියලා. එහෙම නොවුණොත් අද විතරක් නෙමෙයි හෙට දිනයේ දීත් සමහරවිට ගමන්වාර 60ක් 70ක් විතර අවලංගු වීමට ඉඩ තියෙනවා. ඊයේ දිනයේ දීත් දුම්රිය ගමන් වාර 60ක් අවලංගු වුණා.”
එහි උප ලේකම් නිරෝෂන් හේරත් මහතා සඳහන් කළේ, ඊයේ (29) දිනයේත් දුම්රිය ගමන්වාර 60ක් පමණ අවංලගු කිරීමට සිදුවු බවයි.
අද දිනයේත් හැකි උපරිම ආකාරයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.