QR කේත වලින් ලංකාවේ සිද්දවෙන අලුත්ම ජාවාරම
Thu, June 30, 2022- Page Views : 0 results යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු රවටා ඔවුන්ගේ පෞද්ගලික දත්ත ලබාගෙන ගිණුම් වලින් රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලක් ලබාගෙන ඇතැයි කටුගස්තොට පොලිසිය සඳහන් කළේය.
උපතින්ම ආබාධිත තම දියණියට සැත්කමක් සිදුකළ යුතු බැවින් ඒ සඳහා රුපියල් ලක්ෂ 62ක පමණ මුදලක් අවශ්‍ය බවත් හැකිනම් ඊට ආධාර කරන ලෙසත් එම දරුවාගේ පියා විසින් මුහුණු පොත ඔස්සේ ඉල්ලිම් කර තිබිණි.
ඒ අනුව එම පියාට දුරකතන ඇමතුමක් ලබාදුන් අයකු පවසා ඇත්තේ මුදලින් ආධාර කිරීමට බැංකු ගිණුම් අංකය හා හැඳුනුම්පත් අංකය එවන ලෙසයි. පසුව එම පුද්ගලයාට බැංකු ගිණුම් අංකය හා හැඳුනුම්පත් අංකය ලබා දී තිබේ.
මෙම වංචනිකයා එම දත්ත යොදාගෙන QR කේතයක් සාදා එමගින් පෙර කී ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන තිබේ.
මේ අතර, සුරතල් බලු පැටව් අලෙවි කරන පුද්ගලයකු බලු පැටව් අලෙවි කර ගැනීමට මුහුණු පොතේ දැන්වීමක් දමා තිබී ඇත. යම් පුද්ගලයකු ඔහුගෙන්ද ගිණුම් අංකය හා හැඳුනුම්පත් අංකය ලබාගෙන ඔහුගේ ගිණුමෙන්ද රුපියල් දසදහසක මුදලක් ලබාගෙන තිබේ.