WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එනකොට යන්නත් එක්ක තෙල් ගේන්න - ශ්‍රී ලංකාව විදෙස් ගුවන් සේවාවලට දන්වයි

Fri, July 01, 2022- Page Views : 0 results

රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට යළි පිටත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රැගෙන එන ලෙසට අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබේ. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවේ එවන් පසුබිමක් තුළද දිනකට සාමාන්‍යයෙන් ගුවන් යානා 105 ක් පමණ දිවයිනට පැමිණ, ආපසු පිටත්ව යන බවයි.

ඒ අනුව අවම වශයෙන් ගුවන් මගීන් 10,000 බැගින් දිවයිනට පැමිණීම සහ පිටවීම දෛනිකව සිදුවෙමින් පවති.

කෙසේවෙතත් පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් කාර්යමණ්ඩලය සේවයට කැදවීම සීමා කර ඇති බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා වෙත පැවසුවේය.

මේ අතර රටතුළ ඇති ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල් සංචිතය මෙට්්‍රක් ටොන් 800 ක් දක්වා අඩුවී ඇති බවට අනාවරණ කළේය.