WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදෙස් සංචාරකයන් උපරිම සැප ගනී.. ගෑස් ගන්න පෝලිමේ

Fri, July 01, 2022- Page Views : 0 results

මාස හයකට පසු ප්‍රථම වතාවට අලුත්ගම කළුවාමෝදර ඓතිහාසික කන්දෙ විහාරයට යාබද පාසල් පිටියට ලැබුණු ලාෆ් ගෑස් තොගයක් අලුත්ගම පොලිසිය මැදිහත් වී (30) බෙදාහැරීම කළ බව ලාෆ් ගෑස්සමාගමේ ප්‍රාදේශීය බෙදාහැරීමේ අංශ නිලධාරීන් නිවේදනය කළේය.

මෙම ක්‍රීඩාංගනයේ ගෑස් ලබාදෙන බවට තොරතුරු පැතිර යාමත් සමඟ අළුයමහතරේ සිට ජනතාව පැමිණ සිටියදී උදෑසන පොලිසිය පැමිණ බෙදාහැරීමේ ස්තානය ඒ මාරු කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වීමෙන් අනතුරුව පසුව පොලිසිය එම තීරණය වෙනස් කිරීමට කටයුතු කළහ.

ගෑස් මිල දී ගැනීමට පැමිණි ජනතාවට විටින් විට ඇද හැලුනු වර්ෂවෙන් අවස්ථා තුනකදී තෙමෙන්නට සිදුවුණි. ගෑස් මිලදී ගැනීමට බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක ස්වාමීන් වහන්සේලා දෙනමක් දවැඩම කර සිටි අතර උන්වහන්සේලා ප්‍රකාශ කළේ විහාරස්ථානයේ දානය හා ගිලන්පස සකසා ගැනීමට ගෑස් අවශ්‍ය නිසා කාලයකට පසුව ගෑස් මිලදී ගැනීමට මෙම ස්ථානයට වැඩම කර බවයි.

කලුවාමෝදර විදුහලක්‍රීඩාන්ගනයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරලබාගැනීමට අති විශාල පිරිසක් පැමිණ සිටි අතර කිලෝ 12.5 ගෑස් ටැංකි 900 ක් සහ කිලො 5 ගෑස් ටැංකි 400 ක් මෙහිදී නිකුත් කළ බව එම සමාගමේ නියෝජිතයන් ප්‍රකාශ කළහ.

අලුත්ගම පොලිසියේ නිලධාරීන් මෙන්ම විදෙස් සංචාරක කාන්තාවන්කීප දෙනෙක් ද ගෑස් මිල දීගැනීමට පැමිණ සිටි අතර බොහෝ දුර බැහැරින් පැමිණි ජනතාව ගෑස් මිළ දී ගෙන යන අයුරු දැකගත හැකි විය. ගෑස් මිල දී ගැනීමට පැමිණි ජනතාවගේ රතවහන හේතුවෙන් සල මාර්ගයේ වාහන තදබදයක් ද පැය කීපයක් ඇති වුණාය. බොහෝ දෙනෙකු ප්‍රකාශ කළේ ඉන්ධන අර්බුදයක් තිබුනත් රථවාහන විශාල සංඛ්‍යාවකින් ජනතාව පැමිණ සිටි බවයි.