WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට දේශපාලන පක්ෂ රැසක් අතර මූලික එකගතාවක්

Wed, July 06, 2022- Page Views : 0 results

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මූලික එකගතාවක් ඇති වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට දේශපාලන පක්ෂවල නියෝජිතයින් 39 දෙනෙකුට ආරාධනා කර ඇති අතර 37 දෙනෙකු පැමිණ සිටි බවයි වාර්තා වුණේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම එම පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ අතරට අයත්ය. ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පමණක් ඊට සහභාගී නොවන බව දැනුම් දී ඇති බව ද වාර්තා වුණාය.

අධ්‍යාපන, සෞඛ්‍යය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම යන ක්ෂේත්‍ර 05 සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කුමක්ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. ඒ අනුව හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් අතර මූලික එකඟතාවක් ඇතිව තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේය.

වසරක් හෝ වසර එක හමාරක කාලයක් එම සර්ව පාක්ෂික ආණ්ඩුව යටතේ ක්‍රියාකර ඉන්පසු මැතිවරණයකට යාමට ද එහිදී යෝජනා වී තිබේ. එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 120ත් 140ත් අතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවටයි සාකච්ඡාවට එක්වූ නියෝජිතයින්ගේ අදහස වී ඇත.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් විමසීමකදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අදහස් දැක්වුවේ මෙලෙසයි.