WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්ධන පෝළිම්වල ගැටළු අවම කරන්න වව්නියාවෙන් විසඳුමක්

Wed, July 06, 2022- Page Views : 0 results

ඉන්ධන හිඟය මේ වන විට රට මුහුණ පා ඇති ප්‍රධාන අර්බුදවලින් එකක් බවට පත්ව තිබේ. සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් පවා පෝලිම්වල ගත කිරීමට බොහෝ පිරිසකට සිදුව තිබේ.

කෙසේවෙතත් පිරවුම්හලකට ලැබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය පවා සාධාරණ ලෙස බෙදීනොයාම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ අවස්ථා ද ඕනෑ තරම් දැකගත හැකි වුණාය. කෙසේවෙතත් වව්නියාව දිස්ත්‍රික්කය තුල පවතින පිරවුම්හල්වල එවැනි ගැටලු මතුනොවීමට රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කළ ජංගම දුරකතන යෙදවුමක් හේතු වී තිබේ.

නීති විරෝධී සහ අසාධාරණ අයුරින් ඉන්ධන එක් රැස් කිරීම එම ජංගම දුරකතන යෙදවුම මගින් සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බවයි වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.