ඉන්ධන නෑ.. තේ කර්මාන්තය හාන්සියි.. ඇණැවුම් කෙන්යාව, ඉන්දියාව දෙසට
Thu, July 07, 2022|M- Page Views : 0 results තේ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඉන්ධන තොග තේ වතු සමාගම් වලට නොලැබුණ හොත් දැනට කඩා වැටි ඇති තේ ආර්ථිකය තවදුරටත් කඩා වැටිමේ දැඩි අවධානමකට පත් වි ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ මහතා පැවසිය.
රොෂාන් රාජදොරේ තලවකැලේ ප්‍රදේශයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බැව් කියා සිටිහ.
මෙහිදි වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක් වු රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනයටත්,තේ කුඩු නිෂ්පාදනයටත්, තේ වතු පාලනය කිරිමටත් දිනකට ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන විශාල වශයෙන් අවශ්‍ය බවයි.
විදුලි කප්පාදුවත් සමග ඉන්ධන විශාල වශයෙන් අවශ්‍ය බවත්, තේ කුඩු නිෂ්පාදනය සදහා දර ප්‍රවාහනය සහ නිෂ්පාදනය කරනු ලබන තේ කුඩු තේ වෙන්දේසිය දක්වා ප්‍රවාහනය කිරිමට පවත්නා තත්ත්වය මත ප්‍රවාහනය සේවා පවත්වාගෙන යන අයවරුන් වෙත ඩිසල් ඉන්ධන ලබාදිමට සිදු වි ඇති බවයි රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේය.
තේ කර්මාන්තයේ සෘජුවම සහ වක්‍රාකාරයෙන් ලක්ෂ 10 ආසන්න පිරිසක් රැකියා වල නිරතව සිටින බවත්,තේ ආර්ථිකය කඩා වැටුණහොත් මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් නතර වන බවත්, තවද එම ලක්ෂ 10 පිරිසකගේ රැකියාවලට ගැටළුවක් මතුවන බවයි රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේය.
තේ මිල දි ගන්නා රටවල් වල අවශ්‍යතාවයට සරිලන තේ සැපයුමක් මෙරටින් සිදු කිරිමට නොහැකි වුවහොත් එම රටවල් ඉන්දියාවෙන් සහ කෙන්යාව වැනි රටවල් වලින් තේ මිල දි ගැනිමට කටයුතු කරන බවයි රොෂාන් රාජදොරේ මහතා පෙන්වා දෙනු ඇත.
තේ වතු ආශ්‍රිතව නගර වල පිහිටි ඉන්ධන පිරවුම්හල් වලින් තේ වතු වලට අවශ්‍ය ඉන්ධන ලබාගැනිමට යාමේදි පොලිම් වල රැදි සිටින අය එයට විරුද්ධ වන නිසා තේ වතු වලට කිසිසෙත් ඉන්ධන තොග නොලැබෙන බවත්,ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සෘජුවම තේ වතු සමාගම් වලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන්නේ නම් එම ඉන්ධන තොග ගබඩා කර ගැනිමේ පහසුකම්ද වතු සමාගම් වල පවතින බවද රොෂාන් රාජදොරේ මහතා කියා සිටිහ.
පවතින ඉන්ධන අර්බුධය හමුවේ මේ වන විටත් වතු සමාගම් කිහිපයක තේ කුඩු නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බවත්, පවත්නා තත්ත්වය මත සහ ජිවන වියදම ඉහල යාම හමුවේ තේ වතු වල වැඩ කරන වතුකම්කරු කාන්තාවන් විදේශ රැකියා සදහා යැමේ ප්‍රවණතාවයක් මතු වි ඇති බව රොෂාන් රාජදොරේ මහතා මෙම විශේෂ මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.