WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නේපාල ගුවන් අනතුරෙන් මියගිය ගණන 68 ක් දක්වා ඉහළට

2023 January 16- Page Views : 1187

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහල ගොස් තිබෙනවා.

යානය ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට යාමේදි හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර පසුව එය කඩා වැටි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අනතුරට ලක්වු එම යානයේ විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 4 දෙනෙකු ඇතුළු මගීන් 72 දෙනෙකු සිට තිබෙනවා.

ඉන් 53 දෙනෙකු නේපාල ජාතිකයින්. ඉන්දියානුවන් 05 දෙනෙකු, රුසියානුවන් 04 දෙනෙකු, කොරියානුවන් දෙදෙනෙකු, අයර්ලන්ත, ඕස්ට්‍රේලියා , ආජන්ටිනා සහ ප්‍රංශ ජාතිකයන් එක් අයෙකු බැගින් එහි සිට තිබෙනවා. මෙය වසර 30 කට පසු එරට සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙසයි සැළකෙන්නේ.