WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෝමාලියා වරාය නගරය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනේ

2023 January 17- Page Views : 1187

සෝමාලියාවේ, ‘හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට සෝමාලි ආරක්ෂක අංශ සමත් වී ඇත.

අල් ෂෙබාබ් යනු අල් කයිඩාව හා සම්බන්ධ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම ත්‍රස්තවාදීන්ය. ‘හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය ඉන්යදී සාගරයට මුහුණලා පිහිටන බව ද පැවැසෙයි.

මෙම නගරය 2011 සිට ත්‍රස්තවාදීන් සහ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ පැවැතියේය. අල් ෂෙබාබ් ත්‍රස්ත කල්ලිය අල් කයිඩාව සමඟ එක් වූයේ 2007 වසරේදීය.

‘හරාර්ඩ්හියර්’ සෝමාලි ආරක්ෂක අංශ අතට පත්වීම සම්බන්ධයෙන් අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් මෙතෙක් කිසිවක් පවසා නැත.