WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 6 ක් මරුට

2023 January 17- Page Views : 1187

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ නිවසක සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනා අතර මාස 6 ක බිලිඳකු සිටින බව ද පොලිසිය කියයි.

වෙඩි තැබීම සිදුවූයේ ටුලාර් ප්‍රාන්තයේ ටුලාර් නගරයේ නිවසකය. ටුලාර් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය නිවේදනය කර ඇත්තේ එය මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලි සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවය.

වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ බවත්, ඔවුන් එම නිවසට කඩා වැදී වෙඩි තැබීම සිදු කළේ අලුයම 3.30 ට බවත් අනාවරණය වී තිබේ.

මියගිය 6 දෙනා එකම පවුලේ සාමාජිකයන් බව පැවැසෙයි. දෙදෙනකු මියගියේ රෝහලට ගෙන යන අතරතුරේදීය.

ටුලාර් නගරය පිහිටා ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලීස් නගර අතර සැන් ජෝකින් නිම්නයේය. නගරයේ 70,000 ක පිරිසක් ජීවත් වෙති.