WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව ලාබාලම අගමැතිනය දේශපලනයට සමු දෙයි

2023 January 19- Page Views : 1187

තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කළාය.

තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබේ.

2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.