WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේනයට අවි සැපයීම ගැන බටහිර රටවල් සාකච්ඡාවක

2023 January 20- Page Views : 1187

යුක්රේනයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් බටහිර රටවල් කිහිපයක නියෝජිතයින් පිරිසක් ජර්මනියේ පිහිටි ඇමරිකානු රාම්ස්ටීන් ගුවන් හමුදා කඳවුරක අද සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

එහිදී තවදුරටත් යුක්රේනයට වැඩි වශයෙන් ආයුධ සැපයීමට ඔවුන් තීරණය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, රුසියාව නිවේදනය කළේ බටහිර රටවල් තම රටට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සහය ලබා දුනහොත් දෙරට අතර පවතින යුද්ධය තව දුරටත් වර්ධනය වනු ඇති බවයි.