බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ
2023 January 21- Page Views : 1187
සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය සඳහා විඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බවට අනාවරණය වී ඇත.
එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ලැන්කැෂයර් පොලීසිය පැවසුවේ නීති උල්ලංඝණය කළ 42 හැවිරිදි පුද්ගලයෙකුට කොන්දේසි සහිත දඩයක් නියම කර ඇති බවය.
එරට රථවාහන නීතිය අනුව, ආසන පටිය පවතින විට එය භාවිත නොකරන මගීන්ට පවුම් සියයක දඩයක් නියම කළ හැකි බව වාර්තා වේ.