මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන චීනයේ ස්ථාවරය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට
2023 January 22- Page Views : 1187
මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව චීනය විසින් එය ලිපියක් මඟින් භාරදෙනු ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය ඇති කිරීම සහ ණයබර ලිහිල් කිරීම පිළිබඳ ධනාත්මක කාර්යයක් ඉටුකරමින් සිටින බවයි චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් චෙන් බෙන්ග් පසුගියදා ප්‍රකාශ කළේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව දැනුම් දුන්නා.
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සහන ලබාගැනීම සහ ඉදිරි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය සමඟ ගැඹුරින් සාකච්ඡා කිරීමට ඉන්දියාව සූදානම් බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.