WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

2023 January 23- Page Views : 358

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුලු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) රැස්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තුන්දෙනෙකු ද පසුගිය සතියේදී පත් කරනු ලැබුවා.

ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂ් සමරරත්න එම සාමාජිකයන් තුන්දෙනායි.

ඔවුන් පත් කිරීමට පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත් කර නොමැති අතර, අද සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.