WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු බ්‍රිතාන්‍ය අගමැති යුක්‍රේනයට

2023 January 23- Page Views : 44

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කියුව් අගනුවරට පැමිණ තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයාව යුක්‍රේන ජනාධිපති වොල්මීයර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුදමය හානි සිදුව ඇති ප්‍රදේශ මෙන්ම රුසියානු හමුදා මේ වන විට පසුබැස ඇති ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍යයේ හිටපු සංචාරකයක ද නිරත වී ඇති බව සඳහන්ය.

"රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අසමත් වන්නේ නම් එය යුක්‍රේනයට පමණක් නොව මුළු ලෝකයටම හොඳ කාලයක් වනු ඇති" බවට එම සංචාරයේ දී බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිදුකළ ප්‍රකාශය මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් ද නිර්මාණය කර තිබේ.

තමාගේ පාලන සමයේ මෙන්ම රුසියාව පරාජය කිරීමට ඕනෑම සහයෝගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය තවදුරටත් සුදානම් බව ද බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.