WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෝම්බ බියක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

2023 January 23- Page Views : 358

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ඇතැන්ස් ගුවන් තොටුපොළට ගොඩබැස්වු "රයන් එයාර්" ගුවන් යානයේ තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව බ්‍රසීල ගුවන් බලධාරීන් පවසයි.

පෝලන්තයේ සිට පැමිණි අදාළ යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස් වනු ලැබීය.

ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව සඳහන්ය.

එම අවස්ථාවේ යානයේ මගීන් 190 දෙනෙකු පමණ සිට ඇති අතර අදාළ අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් පෝලන්තය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.