WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගන් කාන්තාවන් මානුෂීය මෙහෙයුමට කැඳවීමේ තීරණයක්

2023 January 26- Page Views : 1187

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ඇතැම් මානුෂීය මෙහෙයුම්වල දී සේවය කිරීමේ අවස්ථාව ලබාදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව තලෙබාන් බලධාරීන් පවසා තිබේ.

ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වී ඇති අධික ශීත කාලගුණය සමග ප්‍රමාණවත් තරම් ආධාර උපකාර නොලැබීමෙන් එරට වැසියන් මේ වනවිට මුහුණ දී සිටින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ය.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ඇතැම් මානුෂීය මෙහෙයුම්වලදී ජනතාවට සහාය වීමට එරට රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වේ.

එහෙත් කාන්තාවන් මෙවන් සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් තලෙබාන් පාලනය ගෙනා නව නීතිය හේතුවෙන් එරට ක්‍රියාත්මක වූ සහන සංවිධාන රැසක් සිය සේවා සැපයීම අත්හිටුවා තිබුණි.

ඒ අනුව ඇතැම් මානුෂීය මෙහෙයුමවල දී කාන්තාවන්ට සේවය කිරීමේ අවස්ථාව සැලසීමට තලෙබාන් බලධාරීන් කටයුතු සම්පාදනය කරමින් පසුවන්නේ මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේය.

එහෙත් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් එරට කාන්තාවන්ට පැන වූ නීතිය අවලංගු නොකරන බව ඔවුන් පවසයි.