ජනපති ඊබ්‍රහිම් ට නැවතත් අපේක්ෂකත්වය
2023 January 29- Page Views : 1187
මාලදිවයින් ඉදිරි මැතිවරණය සඳහා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා බවට වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් සොලී පත්ව තිබේ.
ඒ සම්බන්ධයෙන් පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකදී පක්ෂයේ සභාපති සහ කථානායක මොහොමඩ් නෂීඩ් පරදවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඊබ්‍රහිම් සොලී සමත් වූ බව වාර්තා වේ.
මාලදිවයින තුළ ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයෙකු නැවත මැතිවරණයට තරග කිරීම සදහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකින් ජය ලැබූ පළමු අවස්ථාව ද මෙයයි