WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හැංඟිමුත්තන් සෙල්ලම් කළ පිරිමි ළමයෙකු දින හයකට පසු වෙනත් රටකින් හමු වෙයි

2023 January 31- Page Views : 1187

හැංඟිමුත්තන් සෙල්ලම් කළ පිරිමි ළමයෙකු දින හයකට පසු වෙනත් රටකින් හමු වුණ පුවතක් බංගලාදේශයෙන් වාර්තා වනවා.

15 හැවිරිදි පිරිමි ළමයෙකු මෙසේ හැංඟිමුත්තන් ක්‍රීඩාවක් අතරතුර බංග්ලාදේශයේ නැව් කන්ටේනරයක් තුළ සැඟවී ඇති අතර, පසු ව කන්ටේනරය අගුළු දමා මැලේසියාව බලා යාත්‍රා කොට ඇති බව සඳහන්.

ඉන්දියා ටයිම්ස් පුවත්පතට අනුව මෙම බංග්ලාදේශයේ තරුණයා ජනවාරි 11 වැනි දින චිතගොං වරාය නගරයේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී යි මෙසේ කන්ටේනරය තුළ සැඟවී සිට ඇත්තේ.

පසු ව මෙම කන්ටේනරය මැලේසියාව බලා යන වාණිජ නෞකාවකට පටවා ඇති අතර, එහි දී දින හයකට පසු ජනවාරි 17 වැනි දින පිරිමි ළමයා මැලේසියාවේ බටහිර වරායේ දී එරට බලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.