මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් තේරීම් කමිටුව සුදුස්සන් තෝරන්න පුවත්පත් දැන්වීම්

2023 January 31- Page Views : 33

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සුදුස්සන් තෝරා ගැනීමට පුවත්පත් දැන්වීමක් පළකර විනිවිදභාවයකින් එය සිදු කිරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තේරීම් කමිටුවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින්.

ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා අත්දැකිම් සහිත ප්‍රවීනයන්ගේ දායකත්වයක අවශ්‍යතාව මෙහිදී ජාතික තේරීම් කමිටුව පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටියේ, නිල දැනුම්දිමක් කරන තෙක් තම තේරීම් කමිටුව ක්‍රියා කරන බව යි.