WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු කොරියවේ හිටපු අධිකරණ අමාත්‍යවරයාට වසර දෙකක සිර දඬුවමක්

2023 February 03- Page Views : 1187

දකුණු කොරියාවේ හිටපු අධිකරණ අමාත්‍ය චෝ කුක් ට එරට අධිකරණයක් මගින් වසර 2ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඒ, ඔහුගේ දරුවන් ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අදාළවයි.

ඔහුගේ මෙම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපති මූන් ජේ යින්ගෙන් පසුගිය රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ලවූ අතර, ඉන් අනතුරුවයි ඊට අදාළව විමර්ශනයක් සිදු කෙරුණේ.

එසේම හිටපු අධිකරණ අමාත්‍යවරයාට බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා ද එල්ලවී තිබෙනවා.

ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ බිරිඳ ද මීට පෙර බන්ධනාගාර ගත කෙරුණා.