අමෙරිකාවෙන් යුක්‍රේනයට තවත් යුධ ආධාර
2023 February 04- Page Views : 1187
අමෙරිකා එක්සත් ජනපදය මඟින් යුක්‍රේනයට තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2.2 යුද ආධාර ලබා දීමට පියවරගෙන තිබේ.
මෙම යුද ආධාර පැකේජයට දිගු දුර මිසයිලක් ඇතුළත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
යුද විශ්ලේශකයින් පවසන්නේ මෙම මිසයිලය හරහා රුසියාව යටතේ පවතින ඇතැම් ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවයි.
අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් බිලියන 29.3 යුද ආධාර ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ට්විටර් සටහනක් තබමින් යුක්‍රේන ජනාධිපති විලැද්මිර් සෙලෙන්ස්කි අතිරේක යුද ආධාර ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළකර ඇති බව ද වාර්තා වේ.