WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන බැලුනය ඇමරිකාව බිම හෙළයි

2023 February 05- Page Views : 1187

ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ යෝධ චීන බැලුනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිලයක් එල්ල කර මෙම බැලූනය විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

කැරොලයිනා මුහුදු සීමාවට ඉහළින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා කැරොලයිනා ප්‍රාන්තයේ ගුවන් තොටුපල 3 ක් වසා දමා තිබුණා.

එහි සුන්බුන් කැරොලයිනා ප්‍රාන්තයේ මර්ටල් වෙරළ ආසන්නයේ කිලෝමීටර 11 ක් පුරා පැතිර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සුන්බුන් එක්රැස් කිරීම සඳහා නෞකා දෙකක් සහ දොඹකරයක් යොදා ඇති බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තම චීන සංචාරය ද කල් දමනු ලැබුවේ සැකකටයුතු චීන බැලුනයක් ඇමරිකානු ගුවන් සීමාව ආක්‍රමණය කිරීම රටේ ස්වෛරීත්වයට හානි කිරීමක් බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් පාලනයෙන් මිදුණු, කාලගුණ සහ විද්‍යාත්මක අරමුණක් සඳහා භාවිත කරන බැලුනයක් ඇමරිකානු ගුවන් සීමාවේ ආයාලේ පාවීම සම්බන්ධයෙන් තම කනගාටුව පළ කරන බවයි චීනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.