WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ පොලිසිය ආබාදිතයෙක්ට වෙඩිතැබූ වීඩියෝ එළියට

2023 February 07- Page Views : 1187

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පොලිස් වෙඩිතැබීමකින් ආබාධිත පුද්ගලයෙක් මියයාම සම්බන්ධ සිද්ධියේ එම වෙඩිතැබීමට මොහොතකට පෙර සිද්ධි දාමයට අදාළ හඬ සහ වීඩියෝ බලධාරීන් විසින් නිකුත්කර තිබේ.

මන්නයක් අතැතිව සිටි 36 හැවිරිදි ඇන්තනි ලොව් ට එම අයුධය බිම තබන්නැයි පොලීසිය දුන් නියෝගය පිළිනොගැනීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔහුට වෙඩිතබා තිබුණි.

වීඩියෝ වේ දැක්වෙන්නේ ලොව් පුද්ගලයෙකුට මන්නයෙන් පහරදීමට උත්සාහ දරන බවය.

ඒ අවස්ථාවේ පොලීසිය පැමිණෙන අතර එහිදී ලොව් පැනයාමට උත්සාහ දරයි.

එවිටම පොලිස් නිලධාරීන් එම ආබාධිත පුද්ගලයාට වෙඩි තැබීය.

එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර ලොව් ගේ ඥාතීන් පවසන්නේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔවුන් නඩු පවරන බවය.

ඔවුන් පවසන්නේ ආබාධිතයෙක් වූ ඇන්තනි ලොව් කිසිවෙකුටත් තර්ජනයක් නොවන අයෙක් බවය.